14 August 2011
බතල අපේ රටේ ආහාරයට ගත හැකි ජනප්‍රිය අල වර්ගයක්. වෙනත් අල වර්ග වලට වඩා පැණි රසින් යුතු වීමත්, පහසුවෙන් වගාකර ගත හැකි වීමත් නිසාවෙන් පුංචි දරුවන් පවා බතල කෑමට රුචියක් දක්වනවා.
වැඩිදෙනෙක් කැමැති බතල අල තම්බා ආහාරයට ගැනීමට. ඒ අතර බතල මාළුව, බතල තෙල් දැමුමත් අපේ ගෘහණියන් අතර ජනප්‍රියයි.
අද රසඳුන පාඨක ඔබට ප්‍රවීණ සූපවේදී ඩොන් ෂර්මන් තිළිණ කරන්නේ විවේකී සති අන්තයේ ගෙදර පොඩිත්තන් වෙනුවෙන් විශේෂයෙන් පිළියෙළ කර දිය හැකි පැණි රස ආහාරයක්.නගරයේ ජීවත් වන අයකුට වුවත්, වෙළෙඳ පොළෙන් නැතිනම් සුපිරි වෙළෙඳ සලෙන් පවා ඉතාමත් පහසුවෙන් අඩු මුදලකට ලබා ගත හැකි බතලවලින් රසවත් ලෙස ටොෆී පිළියෙල කරගන්නා අන්දමයි මේ.
මේ ද්‍රව්‍ය අවශ්‍යයි
හොඳින් තම්බාගත් බතල කෝප්ප 1 යිසීනි කෝප්ප 1 1/2 යි
කිරි පිටි මේස හැඳි 2 යි
ලුණු කුඩු ස්වල්පයක්
වැනිලා
රෝස හෝ කොළ පැහැති ආහාර වර්ණක
මෙන්න මෙහෙම හදමු
බතල සෝදා තම්බා පොතු හැර හොඳින් පොඩි කර ගන්න. එසේ පොඩිකරගත් බතල සීනි හා කිරිපිටි සමඟ හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙම මිශ්‍රණය ලිප තබා හැඳි ගාමින් ටොෆී පදම එනතුරු පිසගන්න.
ළිපෙන් බෑමට පෙර ලුණු ඇතුළු රස කාරක හා වර්ණක එක් කරගන්න.
ළිපෙන් බා රස්නය පිටින් ම බටර් තවරාගත් තැටියකට දමා තුනී කර කොටු කපා ගන්න සති අන්තයේ නිවෙසේ කෙළිදෙලෙන් පසුවන පොඩිත්තන්ටත්, නිවෙසට පැමිණෙන නෑදෑ හිතමිතුරන්ටත් මෙම බතල ටොෆීවලින් සංග්‍රහ කිරීමෙන් ඔබට උණුසුම් ප්‍රතිචාර ලැබේවි.





